Thursday, August 4, 2011

නව මාධ්‍යයක‍් ලෙස අන්තර්ජාලය


අන්තර්ජාලයේ ඉතිහාසය
අන්තර්ජාලයට මඟ පෑදූ පුළුල්ව පැතිරුණු අන්තර් - ජාලකරණයට පෙර වූ බොහෝමයක් ඔවුන්ගේ ජාලයේ නැවතුම්පොළ අතර පමණක් සන්නිවේදනයට ඉඩ දීමේ ස්වභාවය නිසා සීමා වී තිබූ අතර පවතින පරිගණක ජාලකරණ ක්‍රම වේදය පදනම් වී තිබුණේ මධ්‍යම මේන්ෆ්‍රේම් ක්‍රමවේදය මතය. 1960 කාල වකවානුවේ දී ජේ.සී.ආර්. ලික්ලීඩර් හා රොබට් ඩබ්. ටේලර් නැමැති පරිගණක පර්යේෂකයන් අන්තර් ක්‍රියාකාරී ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා එකිනෙක හා සබැඳුනු ලෝක ව්‍යාප්ත ජාලයක් යෝජනා කළහ. ඒ හා සමාකාලීනවම එකිනෙකින් වෙන් වූ භෞතික ජාල අතර ජාලකරණයේ මූලික නීති පර්යේෂණයට පර්යේෂණ වැඩ සටහන් ද ආරම්භ කෙරිනි. මෙය පැකැට්ටු හුවමාරු (Packet switching) ක්‍රමයේ වර්ධනයට හේතුවේ. මෙම පර්යේෂණ වැඩසටහන්වලට ඩොනල්ඩ් ඩේවිස් (Donald Davies (NPL) පෝල් බැරන් (Paul Baran (RAND සංස්තාව) හා ලෙනාර්ඩ් ක්ලේයින් රොන් (Leonard Kleinrock ) (MIT) යන පර්යේෂණ වැඩසටහන අයත් වේ. මෙය 1960 හා 1970 අග භාගයේ දී ARPANET, සහ X.25 ඇතුලුව පැකට්ටු හුවමාරු ජාලකරණ කිහිපයක දියුණුවට මඟ හසර හෙළි කළේය. ඊට අමතරව UUCP ඇතුළුව පොදු ප්‍රවේශ හා විනෝදාංශ ජාලකරණ පද්ධති ජනප්‍රියත්වයෙන් ඉහල යාමට විය. කෙසේ නමුත් තවමත් ඒවා ජාල අතර ඇති සීමිත වාහල් සංඛ්‍යාවකින් සේවා ලබා එකිනෙකින් වෙන් වූ ජාල වෙයි. මෙය පැකට්ටු හුවමාරු යෙදුම මඟින් අන්තර්ජාලකරණයට ප්‍රෝටෝකෝලයක් නිපදවීමට මග පෑදීය. එමඟින් එකිනෙකට වෙනස් ජාල සුපිරි සැකිලි ජාලයන් බවට පත් කිරීමට හැකි විය. අන්තර්ජාල ප්‍රෝටෝකෝල කට්ටලය නැමැති සරල පොදු ජාල පද්ධතියක් අර්ථ දැක්වීමෙන් ජාලයේ සංකල්පය වැනි භෞතික ක්‍රියා පිළිවෙලින් වෙන් කල හැකි විය. අන්තර්ජාලකරණයේ මෙම ව්‍යාප්තිය අන්තර්ජාලය ලෙස හඳුන්වන විශ්වීය අන්තර් ජාල කරණයක අදහස ඇතිකරලීය. මෙය ඉතා වේගයෙන් පැතිරුණු අතර පවතින ජාල මෙයට උචිත ලෙස පරිවර්තනය විය. මෙය බටහිර ලෝකයේ දියුණු විදුලි සංදේශ ජාල හරහා වේගයෙන් පැතිරුණූ අතර ඇත්ත වශයෙන්ම එය ලෝක සම්මතය හා විශ්ව ජාලය බවට පත් වු විට ලෝකයේ අනෙක් කොටස්වලට ද ව්‍යාප්ත විය. කෙසේ නමුත් වර්ධනයේ විෂමතාව අදටත් සැලකිල්ලට බඳුන්වන සංඛ්‍යාත බෙදුමකට හේතු විය. 1980 දී පෞද්ගලිකව ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන්නන් වාණිජකරණයට ලක්වීම හා හඳුන්වා දීම 1990 දී ජනප්‍රිය භාවිතය තෙක් පුළුල් වීම නිසා අන්තර්ජාලය සංස්කෘතිය හා වාණිජය මත දැඩි බලපෑමක් ඇති ‍කළේය. මෙයට විද්‍යුත් තැපෑල හරහා සන්නිවේදනය දියුණු වීම, වදන් මත පදනම් වූ සාකච්ඡා (වර්ල්ඩ් වයිඩ් වෙබ්) ලෝක ව්‍යාප්ත ජාලය ආදිය ඇතුළත් වේ. මෙම නව හඳුන්වාදීම මඟින් ආයෝජකයන්ට නව වෙළඳ පොළවල් කෙරෙහි ඇති කල කල්පිත විශාල වෙළඳ පොළ බිඳ වැටීමත් වූ ඩොට් - කොම් බබ්ල් හි උද්ධමනයට හා බිඳ වැටීමට හේතු විය. එසේ තිබිය දීත් අන්තර්ජාලයේ වර්ධනය දිගින් දිගටම සිදු වූ අතර අදටත් සිදුවෙයි.


අන්තර්ජාලය ක්‍රියා කරන ආකාරය
වර්ල්ඩ් වයිඩ් වෙබ් හි වෙබ් පිටුවක් බැලීම මුලින්ම පටන් ගන්නේ වෙබ් බ්‍රවුසරයක අදාල වෙබ් පිටුවේ URL යතුරු ලියනය කිරීමෙන් හෝ එම පිටුවට හෝ ප්‍රභවයට හයිපර්ලින්ක් (Hyperlink) අනුගමන කිරීමෙනි. ඉන්පසු වෙබ් බ්‍රවුසරය එය තිරයෙහි දර්ශනය කිරීමට සන්නිවේදන පණිවිඩ මාලාවක් නිකුත් කරයි.
ප්‍රථමයෙන්ම URL හි සේවාදායක නාම කොටස , වසම් නාම පද්ධතිය හෝ DNS ලෙස හඳුන්වන ලෝක ව්‍යාප්ත අන්තර්ජාල දත්ත සමුදායක් භාවිතයෙන් IP ලිපිනයක් අයිපී ලිපිනය බවට විසඳනු ලැබේ. මෙම IP ලිපිනය වෙබ් සේවාදායකය සම්බන්ධකර ගැනීමට හා දත්ත පැකට් යැවීමට අත්‍යවශ්‍ය වේ.
ඉන්පසු බ්‍රවුසරය අදාල ලිපිනයේ සේවාදාකයා වෙත HTTP ඉල්ලීමක් යැවීමෙන් සම්පත් සඳහා ඉල්ලුම් කරනු ලැබේ. සාමාන්‍ය වෙබ් අඩවියකදී වෙබ් බ්‍රවුසරය මගින් ප්‍රථමයෙන් පිටුවේ HTML වදන් ඉල්ලුම්

කර ඒවා වහාම ව්‍යාකරණ විග්‍රහයට භාජනය කරනු ලැබේ. පිටුවේ කොටස් වන අනෙකුත් ඡායාරූප හා ගොණු ඉල්ලීම සිදු කරන්නේ ඉන්පසුවය. වෙබ් අඩවියක ජනප්‍රියතාව මනින දත්ත රඳා පවතින්නේ පිටු නිරීක්ෂණය කරන අයගේ සංඛ්‍යාව හෝ බැඳී ඇති සේවාදායක හිට්ස්” (hits) හෝ ගොණු ඉල්ලීම් ප්‍රමාණය මතය.
වෙබ් සේවාදායකයන් අවශ්‍ය ගොණු ලැබුණු පසු බ්‍රවුසරය , අදාල පිටුවේ HTML , CSS හා වෙනත් වෙබ් භාෂා මගින් සඳහන් කර ඇති පරිදි පිටුව තිරයට පිරිනමනු (render) ලැබේ. පරිශීලකයා තිරය මත දකින වෙබ් පිටුව නිර්මාණය වීමට පින්තූර හා අනෙකුත් සම්පත් ද සම්බන්ද වේ.
බොහෝමයක් වෙබ් පිටුවල අනෙකුත් අදාල වෙබ් පිටුවලට හෝ බාගත කිරීම්වලට , මූලාශ්‍ර ‍ලේඛවලට , අර්ථ දැක්වීම්වලට හා අනෙකුත් වෙබ් අඩවිවලට හයිපර්ලින්ක් (Hyperlink) අඩංගු වේ. එවැනි හයිපර්ලින්ක්වලින් (Hyperlink) එකට බැඳී ඇති ප්‍රයෝජනවත් සම්පත්වල එකතුවක් තොරතුරු වෙබයක් ලෙස හැඳින්වේ. එය අන්තර්ජාලයෙන් ලබාගත හැකිවූයේ 1990 දී ටිම් බර්නර්ස් ලී ( Tim Berners – Lee) වර්ල්ඩ් වයිඩ් වෙබ් ලෙස (www) හැඳින්වූ දෙයෙහි නිර්මාණයත් සමගය.



නව මාධ්‍යයක‍් ලෙස අන්තර්ජාලය

නව මාධ්‍ය යනුවෙන් භාවිතා කිරීමෙන්ම පැරණි මාධ්‍ය ද ඇතැයි යන්න නිතැනින්ම ප්‍රකාශ වෙයි. එහෙත් පැරණි මාධ්‍ය කවරක්ද, නව මාධ්‍ය කවරක්ද යනු පැහැදිලිව රේඛාවකින් වෙන්කොට දැක්වීම අපහසුය. තවද එය බලන්නාගේ දෘෂ්ඨි කෝණය සහ මිණුමී දණ්ඩ මත රඳා පවතින්නකි.

අදටත් ඉතා ප්‍රබල මාධ්‍ය වන ගුවන් විදුලිය මෙන්ම රූපවාහිණියද එක් අතකින් බලන විට පැරණිය. නවීන තාක්ෂණය සමග මුසුවී දිනෙන් දින සිදුවන නව්‍යතාවය සළකා බැලීමේදී අදටත් නැවුම්ය. එසේම පැරණි මාධ්‍ය ලෙස සළකනු ලබන පොත්, පුවත් පත් යනාදිය නව තාක්ෂණයෙන් දිනෙන් දිනම නවීකරණය වෙමින් නව මාධ්‍ය බවට පත් වෙයි.

පොත් පත් යනු ශිෂ්ඨාචාරයේ මුතුන් මිත්තන් අයත් කරගත් ඥාන සම්භාරය මතූ පරපුරට දායාද කරන අඟනා මෙවලමකි. එය මුද්‍රිත මාධ්‍ය වෙයි. විද්‍යුත් පරිපථයක් හෝ චුම්බක මෙවලමක් යනු ද මුතුන් මිත්තන්ගේ ඥාන සම්භාරය හා ශිෂ්ඨාචාරය විසින් මෙතෙක් උරුම කරගත් දැනුම මතු පරපුරට දායාද කරන අඟනා මෙවලමකි. එය විද්‍යුත් මාධ්‍ය වෙයි. මෙම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නොමැති වූවා නම් අලුතින් උපදින දරුවෙකුට ජීවිතය ඇරඹීමට සිදුවන්නේ ගල් යුගයෙනි.

අධ්‍යාපනයෙන් සිදු කරන්නේ ශත වර්ෂ ගණනාවක් තිස්සේ ගොඩ නැගුණු මුතුන් මිත්තන්ගේ ඥාන සම්භාරය වර්ගීකරණය කොට, සංවිධානාත්මක ලෙස කෙටි කළක් තුළ නව පරපුරට උරුම කර දීමයි. එසේම ශිෂ්ඨාචාරය මෙතෙක් ආ ගමනේ තව පියවර කීපයක් ඉදිරියට යාමට අවශ්‍ය පර්යේෂණාත්මක චින්තනය වර්ධනය කිරීමද අධ්‍යාපනයේ තවත් වග කීමකි.

ලෝකයේ විවිධ රටවල මනුෂ්‍යයාට දිගු ඉතිහාසයක් ඇති නමත්, ඔවුන් එකිනෙකා දැන හඳුනා ගැනිමට දිගු කලක් ගත වී ඇති බව පෙනේ. මිනිසුන් අතර යහපත් සහජීවනයක් ගොඩනැගී ඇත්තේ සන්නිවේදනයේ දියුණුවත් සමග බව පැහැදිලිය. තවද මිනිසාගේ දැනුම් සම්භාරය හා අධ්‍යාපන තත්වයද සීඝ්‍රයෙන් දියුණු වී ඇත්තේ සන්නිවේදනයේ දියුණුවත් සමගය.

අන්තර්ජාල භාවිතය හා ඒ ආශිතව විශාල වශයෙන් සංස්කෘතික ගැටලු වර්තමානය වන විට පැන නැගී අැති බැබ් සත්‍යය කි.වර්තමානය වන විට ලෝකයේ සෑම රටකම පාහේ කම‍න හෝ කාර්යක් සදහා අන්තර්ජ‍ාලය භාව්තා කරනු ලබයි. අන්තර්ජාලය පරිහරණය සීඝ්‍රරයෙන් ව්‍යාප්ත වීමත් සමගම එමගින් සමාජයට කරන බලපෑම ද වර්ධනය විය . මෙම වර්ධනයත් සමගම අන්තර්ජාලය සම්බන්ධ නව සංස්කෘතියක් ගොඩ නැගෙම්න් පවතී. ලෝකයේ කවර ස්ථානයක සිට වුවද ඔනෑම පුද්ගලයෙකට ‍අන්තර්ජාලයට ප්‍රවිශ්ට වීමට හැකියාව තිබේ. ඒ මගින් තො‍රතරැ ලබ‍‍ා ගැනීමටත් තොරතරැ ඇතලත් ‍කිරිමටත් හැකිය‍ාව ඇත. එමෙන්ම අන්තර්ජාලය තල වෙබ් අඩව් පවත්වා ගෙන යා‍මටද අවස්ථාව ලබා දී ඇත. නමුත් ‍පුවත්පත් රෑපවාහීනී වැනි වෙනත් මාධ්‍යවලදී මෙවැනි නිදහස් අවස්ථ‍ාවක් හිම් නො‍වේ.එහෙත් අත්තර්ජාල මාධ්‍ය දේශ සීමා‍ බාධා බිද දමමින් ගෝලිය සමාජයක් තල අවම පාලන‍යකින් සිදු වේ .ගෝලීය මට්ටම්න් ගොඩනැගී ඇති අන්තර්ජාල සංස්ක‍ෘතියේ කියාකාරී ස්වරෑපය හදුනා ගැනීමේ දී ස්ත්‍රී පුරැෂ ළමා වැඩිහිට් භේදයකි‍න් තෙ‍ාරව සමස්ථ ප්‍රජාවටම අන්තර්ජාල‍යට ප්‍රවේශ වීමේ හැකියාව ඇත.

අන්තර්ජාලය බහු කාර්ය මාධ්‍යයක් වශයෙන් මානව සමාජ අාර්ථික දේශපාලන විනෝද හා විවිධ කාර්යයන් ඵලදායීව ඉටුකර ගැනීමට භාවිතා කළ හැකි මාධ්‍යයකි.නමුත් මානව සමාජ අාර්ථික දේශපාලන විනෝද හා විවිධ අංශ හරහා ජිවිතය පරිහානියට පත් කරන මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය හදුන්වා දි තිබේ. ප‍්‍රසිද්ධ මනෝ උපදේශකයෙක+ වූ කි‍ම්බෝල් එස් යන් විසින් අන්තර්ජාලය හා දැඩ් සම්බන්ධයක් පවත්වන පුද්ගලයින් 436 ක් ඇසුරින් කරන ලද පර්යේෂණයකදී පෙන්වා දී ඇත්තේ අන්තර්ජාලයට අධික ලෙස ඇබ්බැහි වී ඇති පුද්ගලයින් කිසියම් මානසික ව්‍්‍යාධියකට පත්ව ඇති බවයි .

තවද අන්තර්ජාලයට ඇබ්බැහි වීම නිසා පවුල් සංස්ථා බි‍දි ගොස් වෙනත් ‍ප්‍රේම සම්බන්ධතා ලිංගික සම්බන්ධතාවන්ට යොමු වී ‍ඇති බැව් ප්‍රකාශ කරයි . අන්තර්ජාලය යනු කිසියම් පුද්ගලයකගේ පාලනයට නත වන මාධ්‍යයක් නොවේ .හුදෙක් එය තහංච් වලින් තොර මාධ්‍යය කි .මේ නිසා අන්තර්ජාලය පරිහරණය කිරීම යනු අපේ භාෂාවෙන් කියතොත් එය දැලි පිහියෙන් කිරි කනවා වැනි

වැඩකි.විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ ලිංගික දර්ශන නැරඹීමට පමණක් නොව නොයෙකත් ආකාරයේ ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙට ද පුද්ගලයෝ පෙලඹි සිටති. අන්තර්ජාලය ඔස්‍‍සේ සිදු වන ලිංගික සම්ධන්ධතා 5555 ලෝකයේ ව්ශාල ව්‍යාපාරයක් බවට පත්ව ඇත

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දේ නැරඹීමට ඇබ්බැහි වීම සේම විවිධ ක්‍රීඩා සදහා යොමු වීම මගින් ද අහිතකර බලපෑම්වලට ලක්ව ඇති බව සදහන් කල හැකි ය.මෙලෙස දරැවන් අන්තර්ජාලයේ විවිධ ක්‍රීඩා සදහා යොමු වී විවිධ මානසික පීඩනයන්ට ලක් වී ඇති බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එමෙන්ම ළමයින්ගේ තැතිගැන්ම භය සංතාපය අධික වී ඇති බව ද සොයාගෙන ඇත. එසේනම් අන්තර්ජාලය අනවශ්‍යය ලෙස පරිහරණය කරී‍මේ ප්‍රථිඵලයක් ලෙස ආකල්පමය හා මනෝමය වශයෙන් පරිහානියට පත්වනවා පමණක් නොව සෙ=ඛ්‍ය ව‍ශයෙන්ද පිරිහෙන බව පැහැදිලිය.
නමුත් මින් උධෘත වන්නේ අන්තර්ජාලය යනු නූතන සමාජයට උචිත නොවන මාධ්‍යයක් ‍ලෙස හදුනා ගැනී‍ම නොවේ.ලෝකය ගෝලීයකරණය වී
ඇ‍ත්තේ නවීන තාක්ෂණය මුසු කර ගනිම්නි . එවන් පසුබිමක සිට අන්තර්ජාලය ‍නොමැති ලොවක් පිළිබදව සිතිමත් අපහසුය.නමුත් එය පරිහරණය කරන ආකාරය අනුව භයානක ප්‍රථිපල ගෙන දිය හැකි ය.විශාල වශයෙන් සිදුවන පරිගණක අපරාධ පිළිබදව නුත‍නයේ බොහෝ සේ කථිකාවට ලක් වේ .එමෙන්ම බහුල වශ‍යෙන් සමාජ ජාල සමග සම්බන්ද වී විවිධ අනව්‍ශ්‍ය සබදතා නිසා බොහෝ ප්‍රශ්නවලට මුහුණ දුන් අන්තර්ජාල පාරිබෝගිකයින් පිළිබද වාර්ථා වී ඇත. සමාජ ජාලවලදී බොහෝ පුද්ගලයින් තමන්ගේ සත්‍ය තොරතරැ වෙනුවට බොහෝ අසත්‍ය තොරතරැ ලබා දෙයි. මේ නිසා බොහෝ පිරිස් විවිධ රැවටීම්වලට ලක් වීම බහුල වශයෙන් දැකගත හැකි ය. එසේම ඒ හා සම්
බන්ධ වූ විට කාලයේ සීමාවක් නොමැති හෙයින් අධ්‍යාපනයට හෝ වෙනත් වැදගත් කාර්යයක් සදහා යෙදවීමට ති‍බූ වටිනා කාලය හා ධනය ඉතා වේගයෙන් විනාශ වී යාම සිදු වේ.

සමාජයීය බලපෑම්
අන්තර්ජාලයේ මූලික ලක්ෂණවන පුළුල් භාවිතය හා පිවිසීමට ස්තුතිවන්නට, එමගින් නවමු ආකාරයේ සමාජීය අන්තර්ක්‍රියා, ක්‍රියාකාරකම් හා සංවිධානගතවීම් ඇතිකිරීමට එයට හැකි වී ඇත.
ෆේස් බුක්” (face book) හා මයි ස්පේස්” (my space) වැනි සමාජ ජාලකරණ වෙබ් අඩවි සමාජකරණයේ හා අන්තර් ක්‍රියාකාරිත්වයේ නව විධි නිර්මාණය කර ඇත. මෙම අඩවිවල පරිශීලකයන්ට තම පෞද්ගලික පිටුවලට විශාල විවිධත්වයකින් යුත් අංග එකතු කර ගැනීමටත්, තමන් පොදුවේ ආශා කරන දේ පිළිබඳ දැක්වීමටත් අන් අය හා සම්බන්ධ වීමටත් හැකියාව ඇත. වෙබ් අඩවිය පරිශීලනයන්ට ඔවුන්ගේ සම්බන්දකම් ප්‍රයෝජනයට ගැනීමට හා පවතින විශාල මත කාණ්ඩ සමග (Groups) සන්නිවේදනය කිරීමට ඉඩදේ නම් එකිනෙකා හදුනන අයගේ විශාල හමුවීමක් ද සොයා ගත හැකි වනු ඇත.
විශේෂයෙන්ම යම් වෙබ් අඩවියක්, තම නියම නම භාවිතා කිරීමටත් විශාල ජන සමූහයක් සමග සන්නිවේදනය කිරීමටත් එහි පරිශීලකයන් හට ඉඩ ලබා දේ නම්, එතුළින් තමාගේ හිත මිතුරන් රැසක් මුණ ගැසීමටත් හැකියාව ලැබේ.





1 comment:

Unknown said...

i got some fACTS to my exam.thank u.